සිතෙහි ඇති
බයත් වේදනාවත් නිසා මන් ගල් ගැසී බිම බලාගෙන සිටිනවිට කෙනෙකුන් මගේ කරෙන් අල්ලා “වරෙන් යන්න පොලීසියට” යැයි
කීවේය.
මම
වේවලන්නට විය.මා කිසිදු දිනක පොලීසියකට ගොස් නැත.වරදකාරී හැගීමක් මා පසුපස
ලුහුබදින්නට විය.මටත් නොදැනීම මගේ දෑසෙන් කදුලු ගලන්නට විය.
"අනේ
මහත්තයෝ මට සමාවෙන්න මන් ආයෙම මෙහෙම කරන්නේ නෑ." පුනපුනා මාගේ මුවින් පිටවන්නට වූයේ
ඒ වදන් ටිකය.
"සමවෙනන්න..උබලා
වගේ ඇවුන් තමයි කවදහරි ලොකු ලොකු හොරකමුත් කරන්නේ.වරෙන් යන්න පොලීසියට."
"අනේ...අ...අනේ..බුදු
සර් මට...ස..සමාවෙන්න.අනේ පින් ඇති නෝනා මහත්තයා මට සමාවෙන්න.."
මා වටකරගෙන
සිටි මිනිසුන් එකා දෙන්නා ඒ ස්තානයෙන් ඉවතට යන්න විය.එවිට මා පොකට් ගැසීමට ගිය
නෝනා මා අල්ලා සිටි මනුස්සයාට කියා සිටියේ මේ ළමයට යන්න දෙන්න යැයි කියා සිටියේය..
"එහෙම
කොහොමද මිස් මූට යන්න දුන්නොත් මූ තවත් හොරකම් කරයි.."
"කමක් නෑ
අදට මේ ළමයට සමාව දීලා යන්න දෙන්න.."
"හරි මිස්
කියන නිසා එහෙම කරන්නම් හැබැයි මටනම් මූට යන්න දෙන්න හිතෙන්නෙම නෑ.." කියමින් ඔහු
මාව අත්හරින්නට විය..
සිතෙහි
තිබූ ලැජ්ජාව සහ බය හේතුවෙන් මන් පසුපසවත් නොබලා දුවන්නට විය.අවසානයේ මිනිසුන්
අතරින් මිදුනු මම පාලු මුල්ලකට වී ඉකිගසා අඩන්නට විය.මේ නරකාදියෙන් කවදාවත් මට ගොඩ
එන්නනම් බැරිවෙයි.මිනිස්සුන්ගෙන් මට ගුටි කන්න බෑ.මම කල්පනා කරන්නට විය.
"මන් හිගා
කනවා.නෑ එක්කෝ මම ආයෙම පොකට් ගහනවා".මට හරි තීරණයක් නොවීය.එවිට මට මතක් වූයේ තාත්තා
බඩු ඇදි කරත්තයය.පිම්මේ එය සොයා ගමන් ඇරඹූ මම තාත්තා සෑම දිනකම එය නතරකර තබන
වීදියට දිව ගියේය.අවසන් දින තාත්තා එය නැවැත්වූ පරිදි තවමත් එය එතනය.අඩියෙන් අඩිය
මා එයට ලන්විය.
"පොඩිකාලේ ඉදන් තාත්තා අපව උස්මහත් කරේ මේකෙන් බර ඇදලා නේද..අද ඉදන්
මන් මේක බාරගන්නවා". මන් කරත්තය තල්ලු කරන්නට පටන් ගත්තේය..
"ඒයි කොලුවෝ
උබ ඔය මොකද කරන්නේ.." අසල සිටි තවත් කරත්ත කරුවෙක් මගෙන් විමසන්නට විය..
"ආ මේ උබ නේද
මට උබව අදුරගන්න බැරිවුනා.දැන් කොහොමද බන් තාත්තට.?"
"හොදක් නෑ
මාමේ " මම බිම බලාගන්නට විය.
"උබ කොහෙද
ඔය කරත්තේ අරන් යන්නේ.."
"මන් අද
ඉදන් මේ රස්සාව පටන්ගන්නවා මාමේ වැඩක් හොයාගෙන යන්න හැදුවේ."
"වරෙන් මන්
උබව එක්ක යන්නම්"
මම ඔහු
පිටුපසින් කරත්තයද තල්ලු කරමින් විශාල ගබඩාවක් පිහිටි ස්ථානයකට සේන්දුවන්නට විය.
එම ස්ථානයේ
ඇති බඩු ප්‍රවාහණය සදහා ඔහු මට එතන ගබඩාබාරකරුගෙන් අවසර ලබාදුන්නේය.හාල් ගෝනි
අල,ලූනු ගෝනි එක එක කරත්තය මත පැටවෙන්නට විය.කිලෝමීටරයක පමණ දුරක් වීදි අතරින් මට
කරත්තය තල්ලු කරගෙන යාමට විය.එක ගමනකට සෑහිය හැකි තරම් මුදල් මට ලැබුනි.සවස පහ පමණ
වන විට වැඩ අවසන් කර මම නිවසට ගියේ හෙට පාසල් යා යුතු බැවිනි.නන්ගී සහ මල්ලීගේද
පාසල් ගාස්තු ඔවුන් අතට දුන් මම පැදුරු කෑල්ල බිම එලුවේ නිදාගැනීමටය.
තිබූ ඇගපත
වේදනාවත් තෙහෙට්ටුවත් නිසා මට ඉක්මනින්ම නින්ද ගියේය.පුරුදුපරිදි පාන්දරම නැගිට
පාසල් ඇදුමින් සැරසුනු මම රෝහලට ගියේ තාත්තාද බලා පාසල වෙත පිටත්වීමටය.රෝහලටට
පිවිසි මම තාත්ත සිටි ඇද දෙයට ගියද තාත්තා වෙනදා සිටි ඇද මත ඔහු නොවීය.
"මිස් මේ ඇද
සිටි ලෙඩා කෝ."
"ආ..එයා
ඔයාගේ කවුද.."
"ඒ මගේ
තාත්තා.."
"එයා දැන්
ටිකකට කලින් එලියට අරන් ගියා."
"ඇයි මිස්
තාත්තට අමාරුයිද.."
මා එසේ
විමසුවද ඇයගෙන් එයට ප්‍රතිපිලිතුරක් නොවීය..ඒ වෙනුවට ඇය අසල සටි රෝහල් සේවයකුට කතා
කර " මේ ළමයව මේ ඇදේ හිටි ලෙඩා ගාවට එක්ක යන්න" යැයි පැවසීය..
මා රෝහල්
සේවකයා පිටුපසින් රෝහලේ වාට්ටු පසුකරමින් ඉදිරියට යන්නට විය.
අවසානයේ ඔහු ලගවූයේ නවතා තිබූ ට්‍රොලියක් අසලය..එය සම්පූර්ණයෙන්ම සුදු රෙද්දකින් වැසූ ට්‍රොලියකි.ඔහු එහි තිබූ සුදු රෙද්ද ඉවත් කරමින් ට්‍රොලිය මත සිටි පුද්ගලයාගේ මුහුණ පෙනෙන්ට සැලැස්වූවේය.
කදුලු බිදු එකිනෙක මගේ දෑසින් ඇද වැටෙන්නට විය.වචනකුදු කතාකරගැනීමට නොහැකිව මන් ඒ දෙස මොහොතක් බලා සිටියේය.එහි තිබුනේ තාත්තාගේ නිසොල්මන් දේහයයි.මැලවුනු මුහුණක් සහිතව ඔහු ඒ මත වැතිර සිටියේය..
"තාත්තේ... තාත්තේ !!! නැගිටින්නකෝ... අනේ.. අනේ.. කතා කරන්නකෝ තාත්තේ"
මන් ඔහුගේ නිසොල්මන් දේහය සොලවමන් කියා සිටියේය.
"ළමයෝ තාත්තා නොඑන ගමන් ගිහින්.වැඩිහිටියෙක් නැද්ද මිනිය බාරගන්න.."
අසල සිටි පුද්ගලයා මගෙන් අසන්නට විය.එහෙත් එකදු වචනයක් මගේ මුවින් පිටනොවීය.කදුලු පිරුනු දෑසින් මන් තාත්තා දිහා බලා සටියේය.
මෙතෙක් කලක් අපට සිටි එකම සරණ මාගේ පියා පමණකි.අද සිට ඔහුද අපෙන් සමුගත්තේ දෛයිවය විසින් කළ තවත් සරදමක්දැයි මට සිතුනි.දෙපයින් නැගිටින්නට වාරු නොතිබුනත් මන් සෑම දිනම ඔහු බලන්නට පැමිණියේ ඔහු දැකීමෙන් සිතේ තිබෙන්නා වූ දුක් කරදර මොහොතකට හෝ තුරන් වන බැවිනි..අද දින සිටන් අප ජීවිත වෙනස් වෙනවා නොඅනුමානය..දෛවය සරදම් කරන්නේ අපිටමද මන් සිතන්නට විය...
මතු සම්බන්දයි
කතාව ලිව්වේ ගුණේ
අදහස් හා යෝජනා පහළින් කමෙන්ට් කරන්න.
පහළින් ඇති Facebook Comment ඔස්සේ ඔබට සෘජුවම ෆේස්බුක් හරහා ලොග් වීමෙන් කමෙන්ට් කර හැක.

0 comments:
Post a Comment