අපේ
කාන්තාවන්ට ගමනක් යන්න ලෑස්ති වෙන්න ඕනේ උනාම තියෙන ලොකුම ප්‍රශ්ණේ තමයි මම මොකක්ද
අද අදින්නේ කියන එක. සමහර වෙලාවට මුලු ඇදුම් අල්මාරියම පෙරලලා හෙව්වත් අදින්න හොද ඇදුමක් ඒ
අයට හම්බෙන්නේ බොහොම කලාතුරකින්. කොයි තරම් ඇදුම් තිබුනත් ඒ අයට මදි. හැමදාම එකම
ඇදුම අදින්න පුලුවන්ද කියලා නිකමට හරි ඒ අයගෙන් අහලා බලන්නකෝ. උත්තරේ සමහර විට
සැර පරුෂ වැඩිවෙන්නත් පුලුවන්.
ඒත්
මේ කියන්න යන්නේ හැමදාම එකම විදියේ ඇදුමක් අදින කෙනෙක් ගැන. ඒ වෙන කවුරුත් නෙමෙයි
අපි හැමෝම දන්න ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්. ඇත්තටම මාර්ක් හැමදාම
අදින්නේ එකම ඇදුමද? මාර්ක් ඒ තරමටම ලෝබයිද? 2016 ෆෝබ්ස් සගරාවට අනුව මාර්ක් සකර්බර්ග් ලෝකයේ ධනවත්ම
දස දෙනා අතර ඉන්නවා. ඉතින් එහෙම වෙලත්
මාර්ක් හැමදාම එකම ඇදුම අදිනවා කිව්වට කාටත් පුදුමයක් වෙන එක අහන්නත් දෙයක්ද.
ෆේස්
බුක් නිර්මාණයෙන් පසුව එදා මෙදා තුර ඉතිහාසයේ ලෝකයේ තරුණ දනවතුන් අතරින් ඉහළින්ම
සිටින කෙනෙක් තමයි මාර්ක් කියන්නේ. ඒත් ඒ දේවල් එක්ක වෙනස් නොවුන එක දෙයක් තමයි
මාර්ක්ගේ මේ හැමදාම අදින ටී ෂර්ට් එක. එකම ටී ෂර්ට් එක නොවුනට ඔහුට තියේනේ එක වගේ
ටී ෂර්ට් එකතුවක්.
2014
වසරේදී මහජන ප්‍රශ්න ඇසීමේ සහ ඒවාට පිළිතුරු දීමේ වැඩසටහනේදී (Public Question and answer session) පුද්ගලයෙක් ඔහුගෙන් අසා
සිටිනවා ඇයි කිසිදු දිනක ඔබගේ ඇදුම මාරු නොවෙන්නේ කියා. එහිදී ඔහු විසින් හරි
අපූරු පිළිතුරක් ලබාදෙනවා.
"මට මගේ මනස නිරවුල්ව තබාගැනීම අත්‍යාවශය වෙනවා.
මොකද එක් දවසක් තුළදී ෆේස් බුක් සමග බොහෝ මිනිසුන් පිරිසක් එකතු වෙනවා. ඔවුන් සදහා
උපරිම සේවයක් සැපයීම වෙනුවෙන් මට මගේ මනස නිරවුල්ව තබා ගැනීම අවශ්‍ය වෙනවා. මට හිතෙන විදයට මම ඉතා වාසනාවන්ත පුද්ගලයෙක්. මම
හැමදාම උදේට නැගිටිනකොට මට මිනිසුන් බිලියනයකට වඩා සේවය කරන්න තියෙනවා. ඒ නිසා මම
හිතන්නේ නැහැ මේ වගේ දෙයකට මගේ ශක්තිය අපතේ යවලා මිනිසුන් වෙනුවෙන් කරන්න තියෙන
සේවයට යොදවන්න තියෙන ශක්තිය දශමයකින්වත් අඩු කරගන්න ඕනේ කියලා. එවැනි නිස්සාර
වැදගැම්මකට නැති දේවල් වෙනුවෙන් මගේ ශක්තිය වැය කර යුතුයි කියා මම හිතන්නේ නැහැ."
සකර්බර්ග් විසින් ලබාදුන් ඒ පිළිතුර තුළ අපේ ජීවිත වලට ලබාගන්න කොයිතරම්නම්
දේ තියෙනවාද. අපි වැදගැම්මකට නැති බොහෝ දේවල් වෙනුවෙන් අපේ ශක්තිය පමණක් නෙමෙයි වටිනා කාලය පවා නැති කරගන්නවා. අනිත් මිනිස්සු වෙනුවෙන් මෙන්ම තමන් වෙනුවෙන් සේවය කර ගැනීමට තියෙන ශක්තිය කාලය තමයි අපි ඒ නැති කරගන්නේ..
#ගුණේ


0 comments:
Post a Comment