පැල්පතෙන් (තුන්වන කුරුටුගෑම)


හොරෙක් හොරෙක් අල්ලපියව් අල්ලපියව් පර්ස් එකට විදලා

මට මීටර් විස්සක් විතර පිටුපසින් එක කාලගෝට්ටියකි මිනිසුන් සියල්ල හොරෙක් හොරෙකි යැයි කෑ ගසන්නට විය..මගේ හදෙහි ගැස්ම වේගවත් වන්නට විය.

පසුපසවත් නොබලා එක වරම දෙපයේ පිහිට පතා මම පිටකොටුවේ හරස් වීදියක් දෙසට දුවන්නට විය.කිසිකෙනෙකුන් හට ඒ සොරා මම බව අදුනගැනීමට නොහැකි විය.සිතෙහි ඇති චකිතය සහ බය යන් තුරුම මම පාර අයිනේ සිමෙන්ති ගැට්ටක් උඩට වී දිග සුසුම් හෙලන්නට විය.ඉනෙහි සගවාගත් පොකට්ටුව එලියට ගත් මම එහි ඇති මුදල් ගන්න් කරන්න පටන්ගත්තේය එහි වූයේ රුපියල් 7800කි.මම මීට පෙර කිසිදු දිනක එවැනි මුදල් තොගයක් අතින් අල්ලා හෝ ගනම් කර නැත. 

වෙව්ලන දෑතින් බෙහෙත් තුන්ඩුව සමග මුදල් ටික ගුලිකරගත් මම වේගයෙන් දිවගියේ බෙහෙත් තුන්ඩුවෙහි ඇති බෙහෙත් ටික ගැනීමටය.බෙහෙත් වලට වියදම් වූ පසු මගේ අතෙහි තවත් රුපියල් 3000ක පමන මුදල්ක් ඉතිරි වී තිබුනේය.ඉස්පිරිතාලයට ගොස් බෙහෙත් ටික තාත්තාට දී ඇද අසලට වී ඔහු දෙස බලා සිටින මට දැනුනේ දරාගැනීමට තරම් නොහැකි දුකකි.ඇද අසලට වී අඩන මට පියා අතින් ඔහු ලගට කතාකරේය.

මට මුකුත් වෙන්නේ නෑ පුතේ.නංගියි මල්ලියි හොදට බලාගනින්.මන් ඉක්මන්ටම සනීපවෙලා ගෙදර එනවා.උබ තමයි එනකන් ඒ දෙන්නට තාත්තා වෙන්න ඕනේ. උබට තේරුනාද මයිපුතේ.

කිසිවක් කියාගැනීමට නොහැකි මම හිස ඒ මේ අත වනමින් ඔහුට ප්‍රතිචාර දැක්වුවෙමි.පයට පාවහන් දෙකක්වත් නැති මම පයින්ම පියා ගැන සහ නන්ගී මල්ලී ගැන සිතමින් නිවසට පැමිනියෙමි.එන අතරවාරයේ සිහියට නැගුනේ අප පවුලේ ඉරනම කෙසේ විසදෙයිද මම කෙසේ හෝ නන්ගී සහ මල්ලීට හොදින් උගන්වනවා මමත් කොහෙමහරි ඉගෙනගන්නවා යන්නයි.ඉතුරු සල්ලි වලින් නන්ගීට සහ මල්ලී පාසල් නිමවී එන විට කෑමට බත් පැකට් දෙකක් ගත් මම නිවසේ දොර ලගට වී රේල්පාර දිහා බලා සැනසුම් සුසුම් හෙලුවේ කෙදිනක හෝ මෙම නරාවලෙන් ගොඩඒමටය.

දින දෙක තුන ගෙවීයන විට නැවත පැමිනියේ අගහිගකම්ය.එහා ගෙදර නැන්දා කෙනෙකු නිතර අප තිදෙනා ගැන සොයා බලා අපිට කන්නට යමක් ගෙන ඒම ඇගේ පුරුද්දක්විය.ඒ වනවිට අපේ අම්මා නිවසට සති ගනනකින්ම නොපැමිනියේය.ආරන්චී වූ ආකාරයට ඇය වෙනත් මනුස්සයෙකු සමග ජීවත් වන බව වත්තේ නැන්දලා කියන්නට විය.මව් සෙනෙහස විදිය යුතු කාලයේ එයද අහිමි වූ අපට පිහිටට කිසිවෙක් නොමැති විය.

කාලය කෙමෙන් ගෙවී යන්නට විය එය ජනවාරි මාසයකි.මම ඒ වන විට 10 වසරේ ඉගෙනුම සදහා සුදුසුකම් ලැබුවා පමනි.පොත්පත් ගැනීමටවත් අතේ සතේ නොමැතිව සිටින විට පෙර කර සොරකම්කිරීමම කරපන් යනුවෙන් මගේ හිත කියන්නට විය.
උබට වෙන ක්‍රමයක් නෑ සල්ලි හොයන්න දැන්වත් ඒ දේ කරපන්..මගේ හිත පුන පුනා කියන්නට විය.

පියගේ බෙහෙත් හේත් වලට වියදම් කිරීමට නන්ගී සහ මල්ලීගේ ඉගෙනීමේ කටයුතු වලට වියදම් කිරීමට මට මුදල් සොයාගැනීමට වෙනත් කිසිදු ක්‍රමයක් නොමැති විය.පිටකොටුවේ සෙනග අතරට පිවිසි මම ඒ මේ අත සැරිසරන්නට විය.එය දැන් දෛනික පුරුද්දක් වී අවසානය.දිනකට පික්පොකට් දෙක තුනක් ගැසීම දැන් මාගේ දිනචර්යාවේ කොටසක් වී ඇත.වෙනදාට වඩා අතමිට සරුවන විට මුදල් සෙවීමට ඒ ක්‍රමය ඉතා පහසු වන්නට විය.උදේ පාන්දර නැගිට ඉස්පිරිතාලයට ගොස් තාත්තා බලා පාසලට ගොස් නිවසට පැමින පිටකොටුවට යන මම එන්නේ අගහිගකම් සියල්ල නැතිකරගැනීමට කීයක් හෝ හොයාගෙනය.නමුත් එය පාපකර්මයකි.

ගෙවීගියේ තවත් දින සති මාස ගනන්ය.පියාගේ තත්වය එන්න එන්නම දරුනු අතට හැරෙන්නට විය.ඔහුට ගෙන ඒමට සිදුවූ බෙහෙත් ප්‍රමානයද වැඩි වන්නට විය.වියදම් වැඩි වන විට පික්පොකට් ගසන ප්‍රමානයද වැඩි වන්නට විය.දිනක් පියා ඇසුවේ

පුතේ නන්ගී මල්ලී හොදින් ඉන්නවා නේද කොහෙන්ද උබට මේවට වියදම් කරන්න සල්ලී..

ඔව් තාත්තේ අද හවසට ඒ දෙන්නා තාත්තව බලන්න එයි.අපිට සල්ලී තියෙන මහත්තයෙක් උදව් කරනවා.ඒ මහත්තයා තමයි මේවට උදව් කරන්නේ.

කිසිම දිනක තාත්තාට බොරුවක් කියා නොමැති මට තාත්තා ඉදිරිපිටම ඔහුට බොරු කියන්නට සිදුවීම පිලිබද ඇතිවූයේ මහත් වරදකාරී හැගීමකි.

එහෙනම් කමක් නෑ පුතේ.ඒ මහත්තයට දවසක් එන්න කියාපන්කෝ මට ඒ මහත්තයගේ කකුල් දෙක අල්ලලා පින් දුන්නත් මදි පුතේ

හරි තාත්තේ මන් දවසක එන්න කියන්නම්කෝ.

ඇටි කෙහෙල් කෑ උගුඩුවා මෙන් නිශ්ශබ්දව පියාගෙන් නික්මුනු මම නිවස බලා පැමිණෙන්නට විය.ඒ අතරතුරේ හෙට දින පාසල් පහසුකම් ගාස්තු ගෙවන ලෙස විදුහල්පතිතුමා කියූ නිසා පිටකොටුවට ගියේ ඒ මුදල සොයා ගැනීමට කාගේ හෝ පොකට්ටුවට විදීමට සිතාගෙනය.සෙනග වැඩිපුර ගැවසෙන ස්ථාන සොයා පොකට් දෙකක් ගැසුවද එහි තිබුනේ රුපියල් පන්සීයකටත් අඩු ප්‍රමානයකි.එය අප තිදෙනාගේ ගාස්තු ගෙවීමට තරම් ප්‍රමානවත් නොවූ හෙයින් කොටුව දුම්රියපලෙන් රුපියල් පහේ වේදිකා ටිකට්ටුවක්ද මිලට ගෙන ඇතුල් වී අසල තිබූ ජලකරාමයෙන් වතුර පොදක්ද දොතින් ගෙන ගිනි මද්දහනේ තිබූ පිපාසය නැති කරගෙන මග බලන් සිටියේ පොහොසත් පෙනුම ඇති කාගේ හෝ පොකට්ටුවට ගැසීමේ ඡේතනාවෙනි.

ගත වූයේ නිමේශයකි ඉහල පාලමේ සෙනග අතරට පිවිසි මම නෝනා කෙනෙකුගේ බෑගයෙන් යන්තන් එලියට පැන තිබූ පසුම්බියක් පොකට් ගැසීමට සමත් විය.

එවිටම පිටුපස සිටින කෙනා මාගේ උරහිසට අත තබමින් ඔහොම හිටපන් කියනවත් සමග මම පිම්මේ පසුපසවත් නොබලා දුවන්නට විය.නමුත් මට වැඩි දුරක් දුවාගන්නට හැකියාවක් ලැබුනේ නැත.පාලමේ පඩිපෙලෙහි පය පැටලී මන් එය දිගේ පහලට ඇදුවැටෙන්නට විය.වටේ සිටි සියලූම දෙනා මාව වට කරගනිමින්
පල් හොරා උබ පර්ස් එකත් අරන් දුවන්න නේද හැදුවේ.දැන් ඇතිද උබට ඕකට තමයි යකෝ කියන්නේ අනුන්ගේ දේ ගන්න හොද නෑ පඩිසම් දෙනවා කියා කියන්නට විය.


සිතෙහි ඇති බයත් වේදනාවත් නිසා මන් ගල් ගැසී බිම බලාගෙන සිටිනවිට කෙනෙකුන් මගේ කරෙන් අල්ලා වරෙන් යන්න පොලීසියට යැයි කීවේය.

මතු සම්බන්දයි




අදහස් හා යෝජනා පහළින් කමෙන්ට් කරන්න.
පහළින් ඇති Facebook Comment ඔස්සේ ඔබට සෘජුවම ෆේස්බුක් හරහා ලොග් වීමෙන් කමෙන්ට් කර හැක.


Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment