එකවර
ඇසුනේ සර සරාස් ගා මහා සද්දයකි පොලවත් එක්කම දෙදරා යන බවක් මට දැනෙන්ට විය
සිදුවන්නේ කුමක්ද කියා සිතාගත නොහැකිව මන් තාත්තා තුරුලට දිව්වේය.සිදුවූයේ අහස
පොළව නුහුලනා අපරාදයකි......
ගේ
අයිනේ තිබූ මහා නුග ගහේ අත්තක් අපේ නිවස මතට වැටුනේ එසැනින්ය.තාත්තා අපි තුන්
දෙනාද රැගෙන ගෙයින් එලියට පැන්නේ බුදු අම්මෝ කියාගෙනි.මගේ පුතාලට කරදරයක් නෑ නේද
පියා අපෙන් ඇසුවේය.සිතෙහි තිබූ බයටම අප මුවින් කිසිදු වදනක් පිට නොවූයේය.මහ
වැස්සේම වත්තේ අනිත් ගෙවල් වල මිනිසුන් අප නිවස ලගට දුවගෙන එන්නට විය.පොඩි ඇවුන්
ටික තෙමෙනනවා කෝ මට දීපන් ඕකුන් ටික යැයි ළග ගෙදරක නැන්දා කෙනෙක් පියාට පැවසුවේ
අපිව එම නැන්දාගේ නිවසට රැගෙන යාමට අවසර ඉල්ලමිනි.
පසු
දින උදෑසන නිවසට යන විට අපි නිවසේ ලෑලි බිත්ති හතර බිමය.ටකරම් තැනින් තැන විසිරී
තිබුනේය.කිසිවක් ඉතිරි වී නැත ඉස්කෝලේ ගෙනියන පොත් ටික චිරි චිරියටම තෙමී ගොස්ය
අතට ගත්විට පොත්වල කවරය කඩාගෙන බිමට වැටෙයි.තාත්තා වත්තේ තවත් මාමලා දෙතුන් දෙනෙකු
සමග එකතුවී කඩා වැටුනු අප නිවසේ සුන්බුන් ඉවත් කරයි මටත් ඔහුට උදව් වන්නට සිත්දුන්
බැවින් කැඩී වැටුනු ටකරන් කොල අදින්නට මාත් උදව්විය.එකවරම ටකරමකට මගේ අත කැපී ලේ
යන්නට විය
“මොනවද පුතේ උබ ඔය කරගත්තේ උබට කරන්න පුලුවන්
වැඩක් එපයි උබ කරන්න”
යැයි
පවසමින් තාත්තා තම සරමේ කොනකින් කුඩා රෙදි පටි කැබැල්ලක් ඉරා මගේ අත තදින් වෙලන්නට
විය.උදෑසන අම්මා නිවසට පැමිනෙන විට සිදුවන්නට තිබූ සියල්ල සිදුවී හමාරය ඇය පැමිනි
විගස
“මොකක්ද
හත් දෙයියනේ මේ සිද්දවුනේ දැන් ඉතින් පාරේ තමයි ලගින්න වෙන්නේ වැටිලා ඉන්න තිබුනු
තැනත් නැති වුනා මොන පව්කාරකමක්ද”
යැයි
ඇගේ මුවින් පිටවුනේ සිතෙහි තිබූ තැවෙන ගතියක්ද එක්කරමිනි.සවස්වන
විට නිවස තිබූ තැන යන්තම් හතර වට අයවමින් පොල් අතු මඩුවක් ඇටවීමට තාත්තා අතුලු
පිරිස සමත් විය.අද සිට අපි පස් දෙනාට වැටෙන්නට ඇත්තේ ඒ පොල් අතුමඩුව පමනි.හෙට දින
කෙසේ පාසල් යන්නේදැයි සිත් තැවුලෙන් මා පසුවන්නට විය
“තාතතේ මගේ පොත් ටිකට මොකද කරන්නේ”.
“මන් උබට අලුතෙන් පොත් අරන් දෙන්නම් හෙටත් ගෙදරට
වෙලා හිටපන් මගේ පුතේ හෙට පඩියෙන් මන් හවසට එනකොට උබේ පොත්ටික ගෙන්නම්” යැයි තාත්තා කියන්නට විය.
ගතවූයේ
තවත් දිනකි තාත්තා මගේ ඉස්කෝලේ පොත්ටිකද රැගෙන එන තුරු මා නොයිවසිල්ලෙනි.හවස හත
විතර වන විට සිලි සිලි බෑගයක ලියන පොත්ද පැන්සලක්ද දකන කෑල්ලක්ද සහිතව පැමිනෙන
පියා දුටු විට මට ඇතිවූයේ ඉහ වහා යන මහත් සතුටක්.ඔහුගේ පන නල කෙසේ වෙත්ත අප දිවි
සරුකිරීමට වෙර දරන තාත්තා දෙස බලා මා සිතුවේ කෙදිනක හෝ ඔහුගේ බලාපොරොත්තු ඉටුකර
යුතු බවය.
ගෙවී
ගියේ දින සති මාස ගනන්ය.එන්න එන්නම තාත්තා තම රැකියාවට යාම අඩු කරන්නට විය දින දෙක
තුන බඩගින්නේය.කිසිවක් හිතා ගත නොහැකි සිතින් මන් පියාගෙන් එසේ වීමට හේතුව
ඇසුවෙමි.නමුත් තාත්තාගේ මුවින් එකදු වචනයක් ගැනීමට නොහැකි විය.එක දිනක් මා පාසල්
නිමාවී නිවසට පැමිනෙන විට ගේ ඇතුලේ යම් අයකු කෙදිරි ගාන හඩක් ඇසෙන්නට විය.මා
වේගයෙන් නිවස ඇතුලට දිව්වේ ඒ තාත්තාගේ කටහඩ බව තේරුම් ගත් නිසාවෙනි මා යන විට
තාත්තා ගේ ඇතුලේ බිම වැටී කෙදිරිගාමින් සිටියේය.
“බේරගන්න කවුරුත් නැද්දෝ අපේ තාත්තට මොනවද වෙලා” යැයි මා කෑ ගසන්නට විය.මල්ලී නන්ගීද පාසල් ගොස්
තවම නිවසට පැමින නැත.අසල නිවසක මාමා කෙනෙක් ඉක්මනින් දුව ඇවිත් “ඇයි පුතේ මොකද වුනේ “ යැයි අසන්නට විය.ඔහු පාරේ යන් ත්‍රී රෝද රතයකට
කතා කර ඉක්මනින්ම තාත්තා ඉස්පිරිතාලයට අරන් යන්නට විය.තාත්තාට ඇවිද ගැනීමට
නොහැකිය.දොස්තර වරු පැවසූ ආකාරයට නිතර බර ඇදිම නිසා ඔහුගේ තුනටියෙන් පහල පන නැතිව
ගොස්ය එසේ පවසා දිග බෙහෙත් තුන්ඩුවක් මගේ අතට දෙන්නට විය.මට කරකියා ගන්නට කිසිවක්
නැත උදව් ඉල්ලීමට කිසිවෙක් නැත.බෙහෙත් තුන්ඩුවද රැගෙන පාරේ ඇවිදන් යන මට උදව්
කිරීමට කිසිවෙක් සිටියේ නැත.මගේ දෙනෙතින් වැටෙන කදුලු මට නවතාගත නොහැකි විය.
“ඇන්ටි ඇන්ටි අපේ තාත්තට සනීප නෑ බෙහෙත් ගන්න
කීයක් හරි දෙන්න පුලුවන්ද”
යැයි
මන් පාරේ යන නැන්දලාගෙන් ඇසූ වාරගනන අනන්තය.තුන්ඩුවද අතේ ගුලි කරගෙන මම පිටකොටුවේ
මිනිසුන් අතරේ ඇවිදින මාගේ අසරණකම ඉව වහා ගිහින්ය.එකවරම මගේ දෑස් යොමු වූයේ
ඉදිරියෙන් ඇවිද ගිය මාමා කෙනෙක්ගේ සාක්කුවෙන් යන්තමින් එලියට පැන තිබූ පසුම්බියක්
දෙසටය.
“කවදාවක් හොරකම් කරන්න එපා මගේ පුතේ දාඩිය
මහන්සියෙන් මන් වගේ හම්බ කරපන්”.
තාත්තා
කියූ වදන් මගේ හිත තුල රැව් දෙන්නට විය.තාත්තා ඇවිද ගන්නටවත් නොහැකිව ඉස්පිරිතාලයේ
ඇද උඩය.උදව් කිරීමටද කිසිවෙක් නැත.කෙදිනකවත් අන්සතු දෙයක් සොරා ගන්නට තියා
රහසින්වත් කෙනෙක්ට වැරැද්දක් නොකිරීමට සිතූ මට සොරෙක් වන්නට විය.ඉදිරියෙන් ගිය
මාමාගේ පසුම්බියට ඔහුටත් නොදැනෙන්ටම තට්ටු කරේ අවුරුදු ගානක පලපුරුද්දක් සහිත
හොරෙක් සේය..එය මාගේ ජීවිතයේ පලවෙනි පික් පොකට් එකය තාත්තා ගැන සිතමින් සොරකම් කර
පසුම්බියද ඉනෙහි සගවාගෙන පිටකොටුවේ සෙනග අතරින් ඉදිරියට ඇදුනු මට පිටුපසින් එකවරම
ඇසුනේ..
“හොරෙක් හොරෙක් අල්ලපියව් අල්ලපියව් පර්ස් එකට විදලා”
මට
මීටර් විස්සක් විතර පිටුපසින් එක කාලගෝට්ටියකි මිනිසුන් සියල්ල “හොරෙක් හොරෙකි” යැයි කෑ ගසන්නට විය..මගේ හදෙහි ගැස්ම වේගවත්
වන්නට විය.
මතු
සම්බන්දයි
කතාව ලිව්වේ ගුණේ
අදහස් හා යෝජනා පහළින් කමෙන්ට් කරන්න.
පහළින් ඇති Facebook Comment ඔස්සේ ඔබට සෘජුවම ෆේස්බුක් හරහා ලොග් වීමෙන් කමෙන්ට් කර හැක.

0 comments:
Post a Comment