පැල්පතෙන් (පළමු කුරුටුගෑම)



මිනිසුන්ගේ ජීවිතයේ සත්‍ය සිදුවීම් සහ ඇසින් දුටු දසුන් ඔස්සේ ගොඩ නැගෙන කතාන්දරයකි.මෙහි එන සියලු නම් ගම් සියල්ල මනක්කල්පිතය

ඒයි අද තමුසේ වැඩට යන්නේ නැද්ද “ 
උදේ පාන්දර ඇසුනේ අම්මාගේ කටහඩය තාත්තා ගොරව ගොරව ලෑලි පෙට්ටියක් උඩ පැදුරු කෑල්ලක් දමාගෙන බුදිය.පෙර දින රාත්‍රියේ හතරගාතය දමා නිවසට පැමිනි පියා සිහිවනවිට මට මා තුලම ඇතිවන්නේ දුකක් සහ මගේ නංගී සහ මල්ලීට යන කලදසාව පිලිබදවය.අප නිවස පිහිටා තිබුනේ කොළඹ හතේ නොවුනද හරියටම කොළඹ මැදය.කොම්පඥවීදිය රේල් පාර මිදුල කරගත් අප නිවස මලු හතරේ තිබූ කනු හතර යන්තන් ආවරනය වන පරිදි හතර දෙසට ගැසූ ලෑලි සහ පොහොර උරය වහලයට තිබුනේ ටකරම්ය.ටකරමේ ඇති සිදුරු අතරින් තරු බැලූ අවස්ථා මාගේ ජීවිතයේ අනන්තය.

උදේම නැගිට කොට කලිසමක් ඇදගෙන උඩු කය නිරුවතින් තම රැකියාව බලා යන මගේ පියා අප පවුලේ ජීවිත රැකගත්තේ පිටකොටුවේ බඩු අදින නාට්ටාමියෙකු ලෙසය.අපහට පනටත් වඩා ආදරය කරන ඔහුගේ ඇති එකම අඩුව පදමට සප්පායම් වීම පමණි.රාත්‍රියට නිවසේ නොසිටින මව නිවසට පැමිනෙන්නේ පාන්දරය ඇයගේ රැකියාව කුමක්ද කියා මා කිසිදිනක නොදත්තේය.තාත්තා බඩු අදින කරත්තය උඩ නැග පාන්දර තාත්තාගෙන් රුපියල් පහක්ද ඉල්ලාගෙන හන්දියේ තිබූ කඩයට ටොපි කෑමට යෑම මාගේ දෛනික පුරුද්දක් විය.මිනිසුන් ලොකු වාහනවල නැග යන්නාක් මෙන් තාත්තා කරත්තය තල්ලු කරන විට එය උඩට වී සුක්කනම කරකවනවා සේ මාගේ දෑත් කැරකුවේ මම මහත් ආඩම්බරයෙනි.පොඩි කමට හයක් හතරක් නොතේරෙන මම ඒ වන විට වත්තේ තිබූ පොඩි ඉස්කෝලේ යන්තමින් තුන වසරට ඇතුල්වූවා පමනි.මල්ලීට වසය අවුරුදු පහකි නන්ගීට තුනකි.

මම හන්දියේ සයිවර් කඩයෙන් ටොපි පහක් ගෙන එකක් කටේ දමාගෙන ඉතුරු ටොපි වලින් තවත් ටොපි දෙකක් මල්ලීට සහ නන්ගීට දී ඉතුරු ටොපි දෙක සාක්කුවට දමා ගන්නේ හැන්දෑවට ගෙදරට එන පියාට දීමටය.ඔහුට දවසේ වැඩකටයුතු ඉවර වී ඇවිදගන්නවත් පන නැති වන අවස්ථා වලදී පිටකොටුවේම කොහේ හරි මුල්ලක කරත්තය නවතා රෑ එලි වෙනතුරු එය උඩම නිදාගැනීමට සිදුවන අවස්ථා එමටය.එවැනි රාත්‍රී වලදී මල්ලී සහ නන්ගී බලා ගන්නට වන්නේද මටමය.ලොකු යාන වාහනවල යන්නට පින් කර නොතිබුනද පියාට ලැබෙන පඩියෙන් අපි සතුටින් ජීවත් වුනෙමු.

කුඩා කල පටන්ම මගේ සිත තුල වූයේ ලෝකය අල්ලන අදහස්ය හොද සල්ලිකාරයකු වීමටය.හවසට බාල්දි කෑල්ලක්ද ගෙන වත්තේ කොනක තිබූ ටැප් එක ගාවට යන්නේ දියබුන් ගැසීමට ගගකට බසිනවා සේ සතුටකිනි.
ඒයි කොලුවෝ උබ ඔතනින් අයින් වෙන්නේ නැද්ද අපිට ගෙදර දොරේ වැඩ තියෙනවා තෝ කාලකන්නියා මෙතනට ඇවිත් අපේ කාලෙ කනවා “ 
වත්තේ සමහර ඇන්ටිලාගෙන් මා හට නිතර ඇහෙන වදනක් විය.හරි හැටි එය කුමක්ද කියා නොතේරෙන මම සමච්චලේට මෙන් ඇන්ටී කාලේ කොහොමද ?“කන්නේ යැයි අසයි. සෝඩා බෝතයල කඩා ටික වේලාවක් පෙන නගිනවාක් මෙන් ටැප් එක ලග මා හට ඇත්තේ සුන්දරම වූ ලෝකයකි එහෙත් එය ටික වේලාවකි.ඇග පත සෝදාගෙන පරන බාල්දියට වතුර එකක්ද ගෙන නිවසට එන මම අම්මා හදා ඇති පොල් සම්බෝලයයි බතුයි රස බලන්නේ අමුර්තය ලද මී මැස්සෙකු සේය.අලුමිනියම් බත් පිගානේ ව්‍යන්ජන තුන හතරක් නොතිබුනද පොල්සම්බෝලය මට තලුමැරීමට පන්කාදුවකි.තාත්තා පැමිනි විගස දාඩිය පිරුනු ඔහුගේ ඇගේ එල්ලෙන්නේ මම මහත් ආසාවෙනි.

තාත්තේ අද මොනවද අපට ගෙනවේ.

මේන් පුතේ

තාත්තා මට ඔහු අතැතිව ඇති පිටකොටුවේ පළතුරු කඩවලින් ගෙන ඇපල් ගෙඩි තුන හතරක් ඇති සිරි සිරි බෑගය දෙයි.මල්ලීටද නන්ගීටද දී එහි රසය බලන විට තාත්තා අප දිහා බලන් ඉන්නේ කදුලු පිරුනු දෙනෙතින්ය.කියාගන්නට බැරි යමක් ඔහුගේ හිත තුල කකියන බව මට ඉවෙන් මෙන් තේරෙයි.

මගේ පුතාලා හොදට ඉගෙනගෙන කවදා හරි ලොකු මහත්තයෙක් වෙන්න.එදාට මටත් මේ කරත්ත අදින නාට්ටාමි රස්සාවෙන් පැන්ශන් යන්න පුලුවන් පුතේ.මයෙ පුතා ලොකු මහත්තයෙක් වෙනවා නේද.. තාත්තා මගෙන් අසනවා මට අද මෙන් මතකය..

අප ජීවිත ගෙවීගියේ එලෙසය.එදා වැසි දිනයක් විය වහලේ ටකරම් අතරින් වැටෙන වතුර වලට පොල්කටු හට්ටි කෑලි තියා අපි ඒවායෙන් විනෝද වුනෙමු.වතුර බින්දු දෝතට එකතු කර මල්ලී නන්ගී සමග වතුර ගසා ගන්නා විට 
හා හා උබලා දැන් තව ලෙඩක් හදාගනින් එතකොට මට මේ රස්සාවට යන්න වෙන්නෙත් නෑ කන්නත් නෑ අනේ ලොකු පුතේ නිකන් හිටහන්  යැයි තාත්තා කීවේය.

එකවර ඇසුනේ සර සරාස් ගා මහා සද්දයකි පොලවත් එක්කම දෙදරා යන බවක් මට දැනෙන්ට විය සිදුවන්නේ කුමක්ද කියා සිතාගත නොහැකිව මන් තාත්තා තුරුලට දිව්වේය.සිදුවූයේ අහස පොළව නුහුලනා අපරාදයකි......

මතු සම්බන්දයි





කතාව ලිව්වේ ගුණේ


අදහස් හා යෝජනා පහළින් කමෙන්ට් කරන්න.
පහළින් ඇති Facebook Comment ඔස්සේ ඔබට සෘජුවම ෆේස්බුක් හරහා ලොග් වීමෙන් කමෙන්ට් කර හැක.
Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment