අපි අවසන් පේලියේ සිසුවෝ විය.ඇසිල්ලක් ගසන සැනින් කාලඡේදය අවසන් විය.
"මචන් අදට ඉවරයි ඉක්මන්ට පහලට යමන්."
"මොකක් දැනුනෙවත් නැහැනේ බන් ඇත්තටම අපි ඉගෙනගත්තද."
"එච්චර තමයි බන් ඒ මෙහේ හැටි "
පැවසුවේ යාබද අසුනේ සිටි මාගේ අලුත් මිතුරාය.
පොත්බෑගය කරලාගත් මම පියමන් කලේ පන්තිකාමරය ඉදිරිපස තිබූ බංකුව දෙසටය.තදින් ඈනුමක් ඇර බංකුවේ හාන්සිගත් මම මනෝ ලෝකයට ආයුබෝවන් කිව්වේය. වරක් දෙවරක් නොව තුන්වරක්ම සිතන්නට විය.
ගරා වැටී ඇති නගරයක පර්චස් විසිපහකට වඩා යන්තමින් වැඩි ඉඩ ප්‍රමානයක කැළණි පාලම යට ගෙවල් සේ තැනින් තැන ගොඩනැගිලිය.පාරෙන් නැමී ඇති ගස්වල අතු බංකුවට හෙවන දෙන්නට විය.පාරේ ඇති ගස්ටික ඇරෙන්නට අඹ ගස් දෙක තුනක් පමණක් පන්තිකාමර වලට සිසිල දෙන්නට විය.නිතර ඇසෙන කාක්කන්ගේ ගොරහැඩි නද කොව්ලෙකුගේ කියා සිත හදාගන්නට තරම් මට සිදුවිය.වාහන වලින් නොනැවතී නගින දුම සහ සද්දය ඇරෙන්නට ඇසෙනුයේ සිසුන්ගේ විවිද හඩවල්ය.ප්රියෝජනයට ගත හැකි නමුත් තැනින් තැන ගොඩගැසූ ඩෙස් බංකු දුසිම් ගණනක් භාවිතයට නොගන්නා පන්තිකාමර තුල ගොඩගසා තිබුනි.
මේ මාගේ දරුවාගේ පාසලයි කියා බිත්තියක නොගැසුවත් එය ඇත්තටම හරි පුදුම ඉස්කෝලයක් විය.කතාව ඇරබෙන්නේ එතනිනි.ඉස්පාසුවක් නැති ආසාවකින් අලුත් පාසලට පැමිනියේ දහසකුත් හීන පොදිබැදගෙනය.එකවරම මා මනෝලෝකයෙන් අවදි වූයේ මාගේ දුරකතනය නාද වීම නිසාය.එම ඇමතුම මගේ ගජ යහලුවකුගෙන් විය.
"හෙලෝ."
"ආ මචන් අලුත් ඉස්කෝලේ කොහොමෙයි."
"වරදක් නෑ බන් ඉස්කෝලේනම්"
"මොකෝ නිකන් දාහට අරන් රුපියලටවත් දී ගන්න බැරුව වගේ කතාකරන්නේ."
"නෑ බන් ඉතින් කොහොමෙයි උබේ ඉස්කෝලේ."
"ඒකනම් පට්ට බන් හැබැයි දවසෙම වගේ උගන්නනවා එතකොට තමයි ටිකක් අමාරු.හෙන විසාලයි බන් තවම මේක වටේ හරියට ඇවිදගන්නවත් බැරිවුනා."
"නියමයිනේ බන් එහෙනම්."
"මේ මන් උබට පස්සේ ගන්නම් අයියා කෙනෙක් කතා කරනවා."
"හරිබන් එල"
මා නැවතත් කල්පනාවේ ගිලුනේය.ගමේ යාලුවෙකු වූ ඔහුගේ වහර තවමත් එහෙමමය.කිසුද වෙනසක් නැත.ගමේ සිටි තවත් යහලුවන් කිහිප දෙනෙකු මගේ පාසලේ විය.නමුත් ඔවුන් දැන් ගරාවැටුනු නගරයේ අය මෙන් හැසිරෙන්නට උත්සාහගන්නේ ඇයිද කියා මට සිතාගත නොහැකිය.
ගෙවී ගියේ දින සති මාස ගනන්ය.පරිසරය පෙර පරිදිමය.නමුදු පරිසරයේ සිටි ජීවියා පරිනාමනය වෙමින් සිටියේය.ගමේ සමහර බයියන් ගරාවැටුනු නගරයේ සුවද සොයමින් ඒ මේ අත දුවන්නට විය.පෙර ගති සිරිත් සම්ප්‍රධායට සමාප්තිය සනිටුහන් කර අවසානය.නිමක් නැති ජීවිතේ රහක් සොයමින් සිටි ඔවුන් උපන්නේ කොයිබද කියාවත් ඔවුන්ට මතක නැත.
ඇත්ත කරුන මෙයයි එය අපූර්වත්යෙන් පිරි පාසලක් විය.එහි අපූර්වත්යෙන් පිරි මිනිසුන් විය විවිද ජාතීන් ආගම් විය.හොද්ද හැදිගෑමටවත් හැන්ද නැති වූවෝද විය.හමට ලුනුරස උරුම වූවොද විය.ලුනු මුසුවුන හුලන්පාරක් ජීවිතයටවත් වැදී නොමැති වූවන්ද විය.ගෙදරට සරම බැනියම ඇන්ද පුද්ගයන්ද විය.මේ පරිගණකයික්යැයි හරියට නොදත්තෝද විය..ඒ සියල්ලන්ගේම එකතුව මේ අපූරු හරි පුදුම ඉස්කෝලය තුල විය.
දෙතුන් පලකින් ඉරුනු කලිසම නූල් ඇද යන්තන් මසාගත් වූවන් අතරේ අනර්ඝත්වයේ ඇදුම් ඇදි උපතින්ම පොහොසත් වූවෝ විය.සමහරෙකුට ඔවුන් දකින විට පෙනුමෙන් ඔවුන් සේ වෙන්නට ආසා සිතෙන්නට පටන්ගත්තේය.තැලෙන යකඩය තව තව පදම් වෙනවා සේ මම මේ සියලු දෙනා අතරේ මගේ පුරුදු ජීවිතය ගත කරේ ආප්පයට හොදින් තාච්චියේ සිටි අන්දම මතක බැවිනි..උඩට නැගි විට ඉනිමගට පහර දෙනවුන් අතරේ ලෙයින් උනත් උපකාර කිරීමට ඉදිරිපත්වන යහලුවන්ද සිටියේය.
රහ සොයන උන් අතරේ අමුඩයෙන් යට කලිසමට මාරු වෝවා විය.ඉරුනු යට ඇදුම පැත්තකට දමා උසස් ඒවාට මාරු වූවන්ද විය.විලි වහගන්න ඇදි ඇදුම පැත්තකට දමා සාම්ප්‍රධායික ජංගියෙන් බිකිනියට මාරුවූවන්ද නැත්තේම නොවේය.ඇත්තෙන්ම ඒ පාසල හරිම පුදුමය.
තැන තැන එකතුවන රංචු රාශියකි.රංචුවෙන් රංචුවට වෙනස්කම් සමූහයකි.වෙනස්කම් පදනම් කරගනිමින් ඔවුනොවුන් තම රංචුව තර කරගත්තේය.මිනිසුන්ගේ තරම දැනගැනීමට මිනිසුන් සමග ජීවත් විය යුතුය.එවිට නයා සහ ගැරඩියා වෙන්ව හදුනාගැනීමට හැකිවන්නේ පුරුද්දෙන්මය.
තුරුල්කරන් සිටි හීන පොදිය එකිනෙක ලිහා වෙන්කර ඉටුකරගැනීමට වෙර දැරූ අවස්තා බොහෝය.එහි සිටියේ විවද දක්ෂතා වල එකතුවකි.ඒ අතර සැගවුනු දක්ෂතා අදටද සැගවී ඇත්තේ මිනිකැට ඇත්තේ පොලොවෙන් තව තව ඇතුලට වන නිසාදැයි මට සිතේ.කාලය ගෙවී ගියේ ඇගටත් නොදැනීමය.
"මචන් අලුත් අවුරුද්දක් නේ අලුත් මිස්ලා සර්ලා ඇති නේ අදවත් පන්තියට යමු.""එල මචන් යමු."
අදත් එදා මෙන්ම පසුපස පේලියේමය.එකවරම තිගැස්සී නින්දෙන් අහැරුනේ ළමුන් නැගිට පන්තිකාමරයෙන් පිටවන බව දැනුනු බැවිනි.අත තිබූ ඔරලෝසුව දෙස බැලූ විට හරියටම පැය දෙකක් ගෙවී අවසන්ය.ගුරුවරයා පැමිනියේය ඔහු අත තිබූ කොළ මිටිය බෙදා දුන්නේය.එහි ඇති සමහර කරුණු කියාදුන්නේය.අනෙත් කරුනු කියවා තේරුම් ගන්නා ලෙස කියා සිටියේය.මට මතක එපමනය කාලජේදයේ අවසානය වන්නට සීනුව නාද නෙකෙරුවත් පැය දෙකෙන් එය අවසන්ය.
පූර්ණකාලීන සිසුවා යන සංකල්පයෙන් ඔබ්බට ගිය ඒ හරිම පුදුම ඉස්කෝලේ පාසල්දිවිය අවසන් කල මම අද රැකියාවක් සොයයි.මතකයට වැටෙන කරුණුනම් බොහෝය.ඒ පාසලෙන් ලද අද්දැකීම් බොහෝය.එයින් ඉගෙනීමට වඩා හම්බකරගත්තේ මිනිස් කමය.
මිනිසුන් බෙදාගන්නට කෑගහන උන් අතරේ තම උරුමයන් වෙනුවෙන් හඩක් නැගීමට කිසිවෙක්ම නොසිටි ඒ හරි පුදුම ඉස්කෝලේ ස්වාර්තය උදෙසා වැඩකල උන් පමණක්ම සිටියේය.පාට භේද නොතිබ්බත් එහි තිබුනේ මිනිස් භේදය.අමතක කළ නොහැකි සුන්දර මතකයන් මතක පොතට එක්කර ගත්තේ ඒ හරි පුදුම ඉස්කෝලයෙන්ය.
කනගාටුවට කාරණය නම් වාරය උනත් අවාරය උනත් කැලේ පිපෙන මල කැලේම පර විය.බුදු පුදටවත් යන්නට වරම් නොමැති විය.
මතුසම්බන්දයි
කතාව ලිව්වේ ගුණේ
අදහස් හා යෝජනා පහළින් කමෙන්ට් කරන්න.
පහළින් ඇති Facebook Comment ඔස්සේ ඔබට සෘජුවම ෆේස්බුක් හරහා ලොග් වීමෙන් කමෙන්ට් කර හැක.

0 comments:
Post a Comment