The Motorcycle Diaries - 20 වෙනි සියවසේ ජනතාවට සුවිසල බලපෑමක් හා ආකර්ශනයක් ඇතිකල දේශපාලන ප්‍රතිරූපය



ජීවිතයක් කොපමණ සුන්දර විය හැකිද. එය කොපමණ අත්දෑකීම් ගොන්නක් විය හැකිද. මන්දයත් ජීවිතයේ සැබෑ අරුත මුදල් පසු පස හබායෑමම නොවෙයි. තමා අත මුදල් නොමැති උවද මිනිසුන් සමග තම මනුසත්කම බෙදාගත හැකිය. ඔහු අද ජීවත් වන වෛද්‍යවරුන්ට කදිම නිදසුනක් වන්නේ එබැවින්ය.

1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනා වේදී උපත ලද ශ්‍රේෂ්ට විප්ලවවාදියා. 20 වෙනි සියවසේ ජනතාවට සුවිසල බලපෑමක් හා ආකර්ශනයක් ඇතිකල දේශපාලන ප්‍රතිරූපය. ඒ අන් කවරෙක්වත් නොවේ චේ ගුවෙරාය. පීඩිත ජනයා වෙනුවෙන් හඩක් නැගූ විප්ලවවාදියා ඔහුය. එය සැබැවින්ම විදීමට නම් The Motorcycle Diaries චිත්‍රපටය නැරඹිය යුතුමය.

The Motorcycle Diaries චිත්‍රපටයේ ඇතුළත් වන්නේ චේ ගේ ජීවිතයෙන් කොටසක් පමණි. 23න් හැවිරිදි චේ බුවනස් අයස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාදිය හදාරා තම වෛද්‍ය උපාධිය නිමා කිරීමට ප්‍රථම තම මිතුරා වන Alberto Granado සමග දකුණු ඇමෙරිකාව හරහා Norton 500 වර්ගයේ යතුරුපැදියක නැගී තම චාරිකාව ආරම්භ කරයි. චාරිකාව අතරතුරදී ලාදුරු රෝගයෙන් පෙළෙන දහස් ගණන් රෝගීන් ඔවුන් අතින් සුවය ලබයි. පේරු රාජ්‍යෙයේ ලාදුරු ජනපදයක රෝගීන් වෙනුවෙන් ඔවුන් මහත් සේවයක් ඉටුකරයි. මාස හතරහමාරක කාලයක් තුළදී කිලෝ මීටර් 14000කට වඩා දුර ප්‍රමාණයක් ගෙවා දමණ ඔවුන්ට ගමන අතරතුරදී Alberto විසින් පණ මෙන් රැක ගත් තම යතුරුපැදිය අහිමිකර ගැනීමට සිදුවේ.

ඉන්පසු පාගමණින්ම තම චාරිකාව නොකඩවා ඉදිරියට ගෙන යන ඔවුන්ට විවිද පුද්ගලයන් මුණ ගැසෙයි. සමාජයේ මිනිසුන් විදින පීඩා අඩත්තේට්ටම් චේ ගේ හදවතට තදින්ම දැනෙන්නේ මේ කාල වකවානුවේදීය. ලතින් ඇමරිකාව පුරා සැරිසරමින් පිඩිත ජනතාවගේ ජිවන අරගලය වෙනුවෙන් සිය තුරුණු දිවිය කැපකළ අසහාය ලතින් ඇමරිකානුවා ඔහුය. චාරිකාව ඇත්තෙන්ම විනෝදජනක වූද ත්‍රාසය පිරි වික්‍රමයක් වන්නේ එබැවින්ය. චේ හා අල්බ්රේටෝගේ දිනපොත් අලලා නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය ලෝකයේ බොහෝ රටවල බොක්ස් ඔෆිස් වාර්තා තබමින් මහත් ප්‍රසිද්ධියට පත්වූවකි.
මිනිත්තු 126ක් පුරා දිවෙන චිත්‍රපටිය Walter Salles විසින් අධ්‍යක්ෂනය කරනු ලැබූවකි. Gael García Bernal චේ චරිතයට පන පොවන අතර Rodrigo de la Serna විසින් Alberto චරිතයට පනපොවයි.

1954 දී ග්‍රන්මා යාත්‍රාවෙන් පිදෙල් කස්ට්රෝ ඇතුළු විප්ලව වාදීන් සමග මක්ෂිකොව සිට ගමන් අරඹා කියුබාව තුල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර එරට ජනතාවට විමුක්තිය උදාකරදිමෙන් නොනැවතුණු චේ බොලිවියාවේ විප්ලවීය අරගලය තුලදී සිය ජීවිතය ලෝක සමාජවාදී උන්නතිය වෙනුවෙන් 1967 දී පුදන ලදී.




Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment