කොහෙද මේ දුවන්නේ ?


අපි දුවනවා මේ දුවන්නෙ මොකක් පස්සෙද කියාලා කවදාවක් හිතලා තියෙනවද?

අපි නොදැනුනාට අපේ ජීවත හුගක් වෙනස් වෙලා. වයසට ගිහින්. ඊයේ බණ ගෙදරකට ගිහින් එතන හිටිය පොඩි වුන් සෙට් එක මාමේ කියලා කතා කරනකොට තමයි ඒක වැඩිපුරම දැනුනේ.

ඉස්සර පුංචි කාලේ අම්මගේ වදේට පාන්දර නැගිටලා හරකා මස් කඩේට දක්කනවා වගේ පුදුම අමාරුවකින් ඉස්කෝලේ ගියා. ඔහොම ටික කාලයක් ගියාට පස්සේ යාලුවෝ එක්ක ඉන්න තියෙන ආසාවට ඉස්කෝලේ යනවා. හැබැයි වෙනදා වගේ පාන්දර නැගිටින්නේනම් නෑ. හතට නැගිටලා දඩබඩේ ලෑස්තිවෙලා වැටෙන් පැනලා ඉස්කෝලේ යනවා. සමහර දවසට පන්තියේ වාඩිවෙලා හිටියට නාම ලේඛනේ ඇබ්සන්ට්. මොකද ඒ තරමට පාන්දර ඉස්කෝලේ ගිහින්. 😂 හිනාවක් එනවා මොකද ඒ කාලේ ඒ තරමටම සුන්දරයි.
ඒ දවස්වල හැමදාම උදේට කිරි එකනම් මගඅරින්නෙම නෑ. අදටත් ගෙදර ගියාම නැගිට්ට ගමන් අම්මා කිරි එක හදන් කාමරේට එනවා. ගම අත්තැරලා කොළඹට ආවට පස්සේ මේ හැම දේම වෙනස් වෙලා. අපි දුවනවා. කැම්පස් ගිය දවස්වල ලෙක්චර් වල අැටෙන්ඩන්ස් ගන්න ඕනේ කමට පාන්දර නගිටලා දුවනවා. අඩුගානේ රස නැති වුනත් වේල් තුනටම කෑවා කැන්ටිම තිබුන නිසා. 

ඒත් උදේට අම්මා හදලා දෙන කිරි එක දැන් නෑ.. අම්මා උයන රස කෑම දැන් නෑ.. වෙනදා වගේ කාගේ හරි වත්තකට පැනලා ගස් වලට පොලු ගහලා අනන් මනන් කඩාගෙන කන්න වෙලාවක් නෑ. ඇත්තම කිව්වොත් හැමදාම කරන්නේ එකම ටික. උදේට නැගිටිනවා වොෂ් දාලා වැඩට යනවා. ඔෆිස් එකේ වැඩ කරනවා. රෑ වෙලා බෝඩිමට එනවා. සමහර දාට කනවා. නිදා ගන්නවා. ආයෙම උදේට නැගිටිනවා. ඔය ටික සතියේ දවස් පහක්ම නොකඩවා රිපීට් වෙනවා. වෙනසක් නෑ හරිම ඒකාකාරීයි. ඔය අතරේ වැඩත් එක්ක කෑම වේල් කීයක්නම් මිස් වෙනවා ඇත්ද. පඩි අරගත්තු දවසට තියෙන සතුට තියෙන්නේ උපරිම සතියයි. ඊට පස්සේ පර්ස් එක දිහා බැලුවම ඇහැට කදුලු එනවා ඒ තරමට හිස්. පර්ස් එක හිස්ම වෙලා කොයිතරම්නම් පයින් ගිහින් ඇත්ද. කොයිතරම්නම් නොකා ඉදලා ඇත්ද..

වෙනදට හොදට කාලා බීලා නිදහසේ ඉදපු අපිද මේ කියලා වෙලාවකට හිතෙනවා. කියවන්න කියලා පොත් ගොඩක් ගොඩගහන් හිටියට එකක්වත් කියවන්න වෙලාවක් නෑ. වෙලාවකට ඔක්කොම දමලා ගහලා ගමට වෙලා ගෙදර තියෙන වැඩක් පළක් බලාගෙන තමන්ගේම කියලා මොනවා හරි කරගෙන ඉන්න හිතෙනවා. ඒක කොයිතරම් සරලයිද. අපිම සංකීර්ණ කරගනිපු ජීවිතෙන් පොඩ්ඩකට හරි මිදෙන්නේ නිවාඩුවකට ගෙදර ආවම විතරයි.
කොයි තරම් එපා වුනත් අපි සංකීර්ණ ජීවිතේ පස්සෙම දුවනවා. මොකද හීන තියෙන නිසා. ඒ නිසාම වෙන්න ඇති බඩ පිරෙන්න කෑවේ නැතත් හැමදාම උදේට හන්දියෙ නානගෙ කඩෙන් පාන් කාලක් කාලා ප්ලේන්ටියක් බීලා රැව්ලේ රැදිච්චර පාන් රොඩු පිහිද පිහිද දඩ බඩේ වැඩට දුවන්නේ. එතකොට හැමදාම මතක් වෙන්නේ ගෙදර.
පොඩ්ඩක් හැරිලා බැලුවොත් අපිට හුගක් දේ මගඇරිලා. අපි දුවනවා. අපිට අපිවම නැති වෙලා ඒත් ඒ දිවිල්ල නවත්තලත් බෑ
Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment